2021-12-19
The injustice done to the Keerawella dynasty is brought to the god "Sumanasaman"
කීරවැල්ල පරපුරට කළ අසාධාරණය සුමනසමන් දිව්‍යරාජයා හට කියා සිටී
2021-12-19
The injustice done to the Keerawella dynasty is brought to the god "Sumanasaman"
කීරවැල්ල පරපුරට කළ අසාධාරණය සුමනසමන් දිව්‍යරාජයා හට කියා සිටී
෴ සෙනෙවිරත්න කීරවැල්ල, ජයභූමිය වූ දෙල්ගමුවට පැමිණ තම පරපුරට කළ අසාධාරණය සුමනසමන් දිව්‍යරාජයා හට කියා සිටී ෴
බුදුන් බුදුවී ලොවට කියා දුන් පළමු පාඩම කලගුණ සැලකීමයි෴ බුදුන් ගිහියන් හට පිළිපැදීමට කියා දුන් පන්සිල් පද පහයි෴ එම පන්සිල් පද පහේ දෙවන පන්සිල් පදය අන්සතු දේ නොගන්න යන්නයි෴ දෑතේ ලේ තැවරුණු කිළිටි පුද්ගලයන්ගේ හදවතේ ඇති වෛරී පුද්ගල ඝාතනයකින් ලබාගත් තනතුරක් තුළ ලැබෙන ආශිර්වාදය කුමක්ද෴ මහා සංඝරත්නය ලෙස 37000 ක් පමණ වන මෙරට මහා සංඝරත්නය මෙම අසාධාරණය ගැන නොදන්නෙහිද, නැතිනම් නොදන්නවා සේ ඇස් කන් පියාගෙන සිටිනවාද෴ එසේ සිටීමෙන් රහතන් වහන්සේලාගේ මතු අනාගත දැක්මට අනුව දෑතේ ලේ නොතවරාගෙන පාරිශුද්ධ ලෙස උතුම් දළදාහාමුදුරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ පියපස ලේ නෑයින් ඝාතනය කිරීමේ සාපයට නූපන් අනාගත පරපුරත් වන්දි ගෙවිය යුතුද෴
මහානායක හිමියනේ ලෝක සත්වයාගේ යහපත හිතසුව පිණිස මහා දේවමණ්ඩලයේ ආශිර්වාදය ලබාගැනීමට සුද්දන් සමග එක්ව මංකොල්ල කෑ දළදාවහන්සේගේ පාරම්පරික උරුමය නිවැරදි කරන්න෴ එවිට නැවතත් දළදාවහන්සේගේ ප්රාතිහාර්යයන් සියැසින් දැක වැදපුදාගත හැක෴
මෙයට,
සෙනෙවිරත්න කීරවැල්ල
෴දළදාවහන්සේගේ පාරම්පරික උරුමකරු෴