දන්ත හේමමාලා කථා පුවත (ක්රි.ව. 310)
දන්ත හේමමාලා
ක්රිස්තු වර්ෂ 310 දී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බ්රහ්මදත්ත රජු (සිද්ධාර්ථ ගෞතමයන්ගේ පිය පස ඥාතීන්) ගෙන් පැවත එන ඉන්දියාවේ ගුහසිව රජු (හේමමාලා කුමරියගේ පියා) විසින් ඔවුන්ට පැවරුණු වගකීම අනුව උදේනි රජුගේ පුත් දන්ත කුමරු සරණ පාවා ගැනීමෙන් අනතුරුව බුදුන් වහන්සේගේ වාම දළදා වහන්සේ ශ්ර්රී ලංකාවට වැඩම කරවා ඇත. දළදා වහන්සේ නිදන් නොකර ආරක්ෂා කිරීමේ වගකීම මෙම පරපුරට බුද්ධ ආදාහන මලුවේ පටන් (ක්රි.පූ. 544) පැවරී ඇත.
දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම හේතුවෙන් මෙම දෙපලට එවකට ලක්දිව රජු වූ කීර්ති ශ්රී මේඝවර්ණාභය (කිත්සිරිමෙවන්) රජු විසින් ඔහුගේ මිත්තණියගේ (සකුර්ණමේධා බිසව - මහසෙන් රජුගේ මව) උපදෙස් පරිදි "කීරවැල්ල"නම් ග්ර්රාමය පමණක් නොව, දැසි දැස්සන්, ගව මහේශාදීන් සමග රන් රිදී මුතු මැණික් ලබා දී රජු හා සමාන ලෙස පිලිගත්තෝය.
එපමණක් නොව දළදා වහන්සේ මූලික කරගත් පාලන ක්රමවේදය තුල ලක්දිව රජු බවට සුදුසුකම් ලැබීමට නම් රජුගේ අග බිසව කීරවැල්ලේ කුමාරියක් වීම අනිවාර්ය විය. එසේ පැරකුම්බා රජ සමය දක්වා කීරවැල්ලේ වරු රජු හා සමාන තනතුරු දැරුවෝය.
දළදා වහන්සේගේ වර්තමාන ගිහි භාරකරු
සෙනෙවිරත්න කීරවැල්ල
උතුම් වාම දළදා වහන්සේගේ පාරම්පරික උරුමය හිමි දන්ත හේමමාලා කීරවැල්ලේ දාඨාවංශ කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ උදය දීප්ති වසන්ත සෙනෙවිරත්න මහතා.
1853 වර්ශයේ මැයි මස 20 වන දින දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය දැරූ දිව නිලමේ තනතුර මොවුන්ගේ දන්ත හේමමාලා පරපුරට අහිමි කොට දියවඩන නිලමේ නම් රජුට දිය සැපයූ පුද්ගලයාට එම තනතුර පාවාදීම සිදුවිය.